Wednesday, October 10, 2012

ලංකාවේ කොටස් වෙළෙදපොළහි පරිණාමය(Evolution of the Stock Market in Sri Lanka)


ඓතිහසික වශයෙන් ලංකාවේ කොටස් ගනුදෙනු අරම්භ වූ ලෙස සලකෙන්න්නේ වර්ෂ 1896 දීය .ඒ අනුව මේ වන විට ලංකාවේ කොටස් ගනුදෙනු ආරම්ඹ වී වසර 112 ගතවී ඇත මෙම දීර්ඝ ඉතිහාසය තුළ කොටස් වෙළදපොල විවිධාකාර වූ පරිවර්තනවලට් හජනය  ලංකාවේ වර්තමාන වෙළදපොල පිහිටුවන ලද්දේ 1985 දිය. ඒ අනුව වසර 2008 වන විට නුතන කොටස් වෙළෙදපොලේ ඉතිහාසය වසර 23 ක කලපරිචේදයක් වේ .කොටස් වෙළෙදපොලේ ඉතිහාසය තුල සිදු වූ වැදගත් සහ ප්‍රදාන සංදිස්ථානයක් පිළිබද සටහනක් මෙහිදී ඉදිරිපත් කෙරේ 


 ලංකාවේ කොටස් වෙළෙදපොල 1896 දි අරම්බවිමට හේතු වූ මුලික ම සාධකය වුයේ ඒ වනවිට  ප%රචිලිත විමින් තිබු තේ වගාවට අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීමේ අවශුයතාවය යි .1820 ගණන් සිට 1886 දක්වා ලංකාවේ ප්‍රධාන බෝගය වුයේ කොපි වගාව යි .එහෙත් 1868 සිට කොපි කොළ වලට වෙලදුනු දිලීර රෝගයක් හේතුවෙන් ලංකාවේ කොපි වගාව මුළුමනින්ම පහේ විනාශ විය .මේ වන විට 1867 දී ලංකාවේ ප්‍රථම වතාවට තේ පල කිරීම පටන් ගෙන තිබුණු අතර එංගලන්ත ජාතික ව්‍යවසායකයෝ කොපි වෙනුවට තේ වගා කිරීමට යොමු වුහ  

  කොපි වෙනුවට තේ වගා කිරීම සදහා මුලධනය සොයා ගැනීමට බ්‍රිතාන්‍ය ව්‍යපරිකට්‍යන්ට වුවමන විය. ඔව්න් කොපි වගාවෙන් ලද විශාල ලාභ තම මවු රටට යැවූ නිසාවෙන් ඔවුන්ගේ  ධනය ලංකාවේ නොරදුනු අතර ඔව්න්ට තේ වගාව සදහා භාවිත කිරීමට තරම් මුල්‍ය අතිරික්තයක් නොතිබිණි.මෙහෙතුව නිසා වැවිලිකරුවන් විසින් තමන්ගේ ඉඩම් පවුම් සමාගම් (sterling Companies) බවට පරිවර්තනය කොට සහ ඒවා පොදු සමාගම් ලෙස ලන්ඩනයේ සහ කොලොබ ලියාපදිංචි කොට මහජනතාවට සාමාන්‍ය කොටස් ,වරණිය කොටස් සහ ණයකර නිකුත් කිරීම මගින් ප්‍රාග්ධනය එකතු කරගන්න ලදී.මෙම සමාගම් වල කොටස් හුවමාරු කිරීමේ ද්විතික වෙළෙදපොළක් ලෙස 1896 දී කොටස්  තැරව් කරුවන්ගේ සංගමය (share Broker s association  හෙවත් SBA ) ආරම්භ විය.1904 වසරේදී ඒහි සාමාජිකයන් විසින් කොටස් තැරව් කරුවන්ගේ සංගමය විසුරුවා හැර කොලොබ තැරව් කරුවන්ගේ සංගමය (Colombo Brokers Association හෙවත්  CBA ) පිහිටුවන ල දී .
විසිවන සියවසේ පළමු දශකය තුල දී ලෝක වෙළෙදපොලෙහි රබර් මිල ඉහ        ල යාම හේතුවෙන් රබර් වගාව සදහාද වියපරිකයෝ යොමු වුහ. රබර් සමාගම් පිහිටුවීම 1904 පමණ ආරම්භ වූ අතර රබර් මිල ඉහළ ගිය 1905-1906 සහ 1909-1910 කාලය තුල රබර් සමාගම් ද විශාල ප්‍රමාණයක් ලියාපදිංචි කිරීම සිදු විය.රබර් සමාගම් ද
 මහජනතාවට කොටස් නිකුත් කිරීම මගින් අවශ්‍ය මුලධනය ලබා ගතහ.

තේ සහ රබර් වගාවේ වර්ධනයත් සමාගම වතූ අංශයට අවශ්‍ය උපකාරක සේවා සපයන වෙනත් ආයතන ද අරම්ම්භ වන්නට විය.මේ අනුව කොළොඹ කොටස් වෙලේදපොලෙහි වතු සමාගම් හැරුණු විට මහජන අරමුදල් මගින් මුලික මුදල් සම්පාදනය කරගත් ආයතනද පැවැතිණි.එමේන්ම කොළොඹ කොටස් වෙලේදපොලෙහි දේශීය වශයෙන් ලියාපදිංචි කරන ලද සමාගම්වලට අමතරව බෝම්බය,සිංගප්පුරුව,ලන්ඩන් සහ මැලේසියාව යන වෙලේදපොලවල ලියාපදිංචි කරනලද විදේශීය සමාගම් වල ගනුදෙනු කිරීම සිදු විය.මෙම සමාගම් වලින් කොලොබ කොටස් වෙලේදපොලෙහි දැනට ඉතිරිව ඇත්තේ ඔඉල්පාම්  වගාවේ නිරත මැලේසියානු සමාගම් 5ක් පමණි.
  1948 පෙබරවාරි මාසයේ දී එංගලන්තයෙන් නිදහස ලබා ගැනීම ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙන් ම ලංකාවේ කොටස් වෙලේදපොලෙහි ද වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැක.1948 ජුනි මාසයේ හදුන්ව දුන් විනිමය පාලන පනතේ විධිවිධාන හේතු කොටගෙන ලන්ඩනය,බෝම්බය සහ සිංගප්පුරුවේ  ලියාපදිංචි සමාගම් වල කොටස් කොලොබ කොටස් වෙළෙදපොලෙහි ගනුදෙනු වීම සම්පුර්ණයෙන්ම නැවතිණි.ඉන් අනතුරුව කොලොබ කොටස් වෙළෙදපොල මුළුමනින්ම දේශීය සමාගම් වල කොටස් සදහා සිමා වූ වෙලේදපොලක් බවට පරිවර්තනය විය.1948 විනිමය පාලන හදුන්වාදෙන අවස්ථා වනවිට රුපියල් සමාගම් 140 ක් වෙලේදපොලෙහි ලියාපදිංචිව තිබුණි.එඉන් 121 ක් ම වතු සමාගම් විය.

1948 සිට 1977 දක්වා කලපරිචේදය කොටස් වෙළෙදපොළට සුභවාදී දේශපාලන,ආර්ථික සහ ෛනතික වාතාවරණයක්  නොවිය.නිදහස ලැබීමෙන් පසුව සමහර රජයන් විසින් හදුන්ව දෙනු ලැබූ රාජ්‍ය මුලික ආර්ථික ප්‍රතිපත්තීන් පුත්ගලික ව්‍යාපාර වලට විශාල පහරක් විය 1971 හදුන්ව දුන් ව්‍යාපාර ආයතන අත්පත් කරගැනීමේ පනත යටතේ ලයිස්තුගත සමාගම් රජයට අත්පත් කර ගන්න ලදී.1975 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත විසින් පොදු සමාගම් සතුව ඇති ඉඩම් අත්පත් කර ගැනීමේ බලය රජයට පවරා ගැනීම හේතුවෙන් සමාගම්  90 ක් පමණ කොටස් වෙළෙද පොලෙන් ඉවත් විය.1976 අවසන් වන විට කොටස් වෙළෙදපොලේ ලිස්තුගත සමාගම් ගණන 76 කට පහත වැටුණි. 1977 බලයට පත් රජයේ විවුර්ත ආර්ථික ප්‍රතිපති රාමුව තුල පුද්ගලික අංශයට ආර්ථිකයේ කාර්යභාරය වැඩි වීම නිසා කොටස් වෙළදපොලටද හිතකර වාතාවරණයක් ඇති විය.1979 වසරේ දී ලිස්තුගත සමාගම්වල කොටස් ගනුදෙනු වලින් උපයන ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කරන ලදී. එමෙන්ම බැංකු අංශයද දේශීය සහ විදේශීය පුද්ගලික අංශය්යේ සහ්බගිත්වයට විවුර්ත කිරීම ද 1979 වසරේ සිදු විය. 
      1984 ජුලි මස 2 වන දින නුතන කොටස් වෙළෙදපොලෙහි විකාශනයේ වැදගත් සංදිස්ථානයකි.මෙදින ප්‍රථම වතාවට ප්‍රසිද්ද වෙළෙද භූමියක කොටස් ගනුදෙනු කිරීම ආරම්භ විය.වෙළෙද භූමියක් යනු තැරව්කර ආයතන නියෝජනය කරන භුමි තැරැව්කරුවන් (public Trading Floor) එකතු වී ප්‍රසිධියේ ගනුදෙනු කරන ස්ථානයකි. ඊට අමතරව 1896    සිට වෙළදාම සදහා භාවිත වූ කෝල් ඔවෙර් ක්‍රමය(Call Over System) වෙනුවට විවුර්ත ව ශබ්දනගා ලන්සු තැබීමේ ක්රයමය (Open Outcry System) හදුන්ව දීමද මෙදිනම සිදු විය.විවුර්තව හඩ ගැසීමේ ක්‍රමය යටතේ භුමි  තැරව් කරුවන් තමන්ගේ ගැනුම් හා විකුණුම් ඇනවුම් වෙළද බුමිය තුල හඩ ගසා ඉදිරි පත් කිරීම සිදු වේ.මේඅනුව ලංකාවේ ප්‍රසිද්ද කොටස් ගනු දෙනු පටන් ගනු ලබන්නේ 1984 ජුලි  මසේදීය.

        1984 සැප්තැම්බර් මාසයේදී කොටස් තැරව් කරුවන්ගේ සංගමය නමින් සංවිධනය වුනු  පුද්ගලයන් කණ්ඩායමක් කොලබ තැරව් කරුවන්ගේ සංගමය විසින් ආරම්භ කල  වෙළෙද භූමියට අමතරව සහ තරග කාරී වශයෙන් වෙනත් කොටස් වෙළද භූමියක් ආරම්භ කරන ලදී.




තොරතුරු ලබගතේ (ලංකාවේ ප්‍රග්ඩන වෙළදපොළ) 




No comments:

Post a Comment